තනුව සුපිරි නම් වැඩේ ගොඩද ?
බොහෝ දෙනා සංගීතය විශ්ව භාෂාවක් ලෙස සැලකුවත් මා විශ්ව භාෂාව ලෙස සලකන්නේ තනුවයි.ගීත නිර්මාණයේ දී තනුව යනු ගීතයේ සාර්ථකත්වය තීරණය කරන ප්රධාන මෙවලම ලෙස මා දකියි.මන්ද ගීතයක් රස විදින්නන් හට ප්රභලවම ග්රහණය වන්නේ රිද්මයයි.ඉන් පසුවයි ගීතයේ සංගීතයන්ට අවධානය යොමු වන්නේ.මෙයට කදිම නිදසුනක් ලෙස අප ඇතැම් බටහිර ගීත , හින්දි ගීත අපට තේරෙණ සිංහල ගීත වලටත් වඩා රස විදින්නෙ එම ගීතවල රිද්ම රටාව නිසයි.
එසේ නම් මාගේ මතයට අනුව ගීතයක් ශ්රවණය වීමේ දී නිරායාසයෙන් ප්රථමයෙන්ම ආකර්ශණය වන්නේ එම ගීතයේ තනුවටයි.ඉන් පසුවයි ගීත පද වල රසාස්වාදය විදින්නේ.එයට ආයාසයක් දැරිය යුතුය.එසේ නම් ශ්රාවකයා හට නිරායාසයෙන් ආකාර්ශණයක් ඇතිවන ප්රධාන මෙවලම ගීතයේ තනුවයි.යම් ගීතයකට සිත් ඇද බැද ගන්නා සුළු තනුවක් හිමී නම් රසික හදවත් තුළ එය දෝංකාර දෙයි.නැවත නැවත රසවිදීමට පෙළඹෙයි.එය ජනප්රියත්වයට හේතු වෙයි.
ඉතින් අප ගීතයකට උසස් තනුවක් නිර්මාණය කර ගන්නේ කෙසේ දැයි ඔබට මතුවන ගැටලුවකි.ගීතයකට තනුවක් නිර්මාණය යම් ගණනක් විසදා පිළිතුරක් ලබා ගන්නවා සේ එකවර සිදු කළ හැක්කක් නොවේ.එයට යම් කාල පරාසයක් ගතවේ.එම කාල පරාසය තීරණය කල යුතු තැනැත්තා ද ඔබම වේ.ගී තනු නිර්මාණය ආයසයකින් යුතුව මෙන්ම ආයාසයකින් තොරවද සිදු විය හැකිය.විවේකීව සිටින වේලාවක දී හෝ යම් ක්රියාකාරකම්වල නිරතවන වේලාවන්හී දී පවා අප සිත තුලට නිරායාසයෙන් රිද්ම රටා පැමිණෙයි.අප කල යුත්තේ හැකි නම් ඒ අවස්ථාවේදී ම පද රචනයට තනුව ගලපා බැලීමයි.ගීතයට එය උචිතම තනුවද යන්න තනු නිර්මාණය කරන්නාගේ තීරණයකි.
- ඉමාන් මනෝද්දිය -
0 Response to "තනුව සුපිරි නම් වැඩේ ගොඩද ?"
Post a Comment