සිංදු ලියන්න කට්ට කන්න ඕනද ?
ගීයක කොදු ඇටපෙළ මෙන් සැලකෙන ගී පද මා තියුණු ආයුධයකට සමාන කරයි.ගීය රස විදීමෙන් ගී පද හදවත ස්පර්ශ කරන ආකාරය අනුව ගී පද නම් තියුණු ආයුධයෙහි මුවහත් බව අපට අවබෝධ කර ගත හැකියැයි මා සිතමි. මා දකිනා කල ගී පද රචකයෙකුගේ සාර්ථකභාවය ඉස්මතු වන්නේ ඔහුගේ හෝ ඇයගේ දැනුම මතය.දැනුම යනුවෙන් මා අදහස් කරණුයේ ජීවිත අත්දැකීම්,සමාජ අත්දැකීම් හා උගත් දැනුමය.
ගී පද රචකයාට අවශ්‍ය විරහව පිළිබද ගීයක් නිර්මාණය කිරීමට නම් ඔහුගේම ජීවිත අත්දැකීම් තුළින් ඔහු විරහව විද ඇත්නම් ඔහු ලද විරහ වේදනාව කොපමණද ඒ තරම්ම එම විරහවේ වේදනාව පද පෙළකින් තව කෙනෙකුගේ හදවත ස්පර්ශ කිරීමට සමත් වනවා නොඅනුමානය.නමුත් විරහව අත්නොදුටු පුද්ගලයෙකුගේ විරහව පිළිබද පවසන පද පෙළ ව්‍යාජ යැයි මා සිතමි.එම ව්‍යාජ රසයට වඩා සත්‍ය රසය අප සිත් තුළට කා වදින බව අත්දැකීමෙන් මා ඔබ දනිමු.මන්ද මිනිසුන් සංවේදී නිසා.එසේ නම් ගී පද රචනයේ දී මිනිසුන්ගේ සංවේදී තැන් ස්පර්ශ කිරීම මගින් එම ගීතයට මිනිසුන් ද ආදරය කරයි.අදටත් ජානක සිරිවර්ධනයන්ගේ ,යමුනා මාලනියන්ගේ ගීතයන් නොමැරී පවතින්නේ එම නිසා යැයි මට හැගිණි.
කෙසේ වෙතත් ගී පද රචනය පුද්ගලයාගෙන් පුද්ගලයාට ආවේණිකය.තේමාවක් ඔස්සේ පද රචකයා වචන වලට පෙරලන්නේ ඔහුගේ සිතුවිලිය.කාමරයකට කොටු වූ ගී පද රචකයාට වඩා පාරේ ඇවිද යන ගී පද රචකයාගේ සිතුවිලි අත්දැකීම් වලින් පෝෂිත යැයි මා කියමි.
අවසාන වශයෙන් ඔබත් ගී පද රචනයට කැමති නම් දැනුම වර්ධනය කර ගන්න.ඔබේ සිතුවිලි වචන වලට පෙරළන්න.
- ඉමාන් මනෝද්දිය -
Perfect work . Keep it up 👍
ReplyDelete